Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 14, 2018

ආවා ගැන කියන්න දුරකථන අංකය

උතුරේ වැසියන්ගේ දෛනික ජීවිතවලට බාධා සිදු කරන ආවා කල්ලියේ පුද්ගලයන් සම්බන්ධයෙන් ‍පොලීසියට තොරතුරු සැපයීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකයක් උතුරු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

076-6 093 030 යන දුරකථන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයකුට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි  අතර එම තොරතුරු ලබාදෙන්නා සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය සුරකින බවද එම කාර්යාලය පවසයි.