Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අගෝස්තු 24

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාගකිරීම සඳහා ස්ථාපිත කෙරුණු පළමු ස්ථිර මහාධිකරණය විවෘත කෙරිණ.

එහි පළමු නඩුව එළැඹෙන අගෝස්තු 24 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි. රජයේ මුදල් අවභාවිතය සහ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ 03ක් පිහිටුවීමට රජය තීරණය කළ අතර ඒ වෙනුවෙන් අධිකරණ සංවිධාන පනතට සංශෝධන කිහිපයක් එක් කිරීමටද රජය පියවර ගනු ලැබීය. ඒ අනුව එම ස්ථිර මහාධිකරණ ත්‍රිත්වය අතරින් පළමු අධිකරණය ස්ථාපිත කෙරුණේ කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලය ඉදිරිපිටයි.