Social Icons

facebookrss feedemailtwitter

Monday, August 13, 2018

මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිචෙල් බැචලට්ට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් ධූරය සඳහා චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලට් නම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අටෝනියෝ ගුටේරස් විසින් මෙම නම් කිරීම සිදුකර ඇත. වත්මන් මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන්ගේ ධුර කාලය මෙම මස 30 වනදායින් අවසන් වීමට නියමිතය. ඒ අනුව මහකොමසාරිස් ධුරය සඳහා මහලේකම්වරයා විසින් සිදුකර ඇති නම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.