Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ගාසා තීරයේ සටන් විරාමයක්

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකරයි.

ඉස්ලාමීය හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා තීරයේ ගැටුම් උත්සන්න වීම නැවැත්වීම සඳහා 9 වැනිදින මධ්‍යම රාත්‍රීයේ සිට සටන් විරාමය  ආරම්භ කළ බවයි.

මෙම සටන් විරාමය ඇතිකර ගැනීම සඳහා මැදපෙරදිග සාම ක්‍රියාවලිය සඳහා සහය වන ඊජීප්තුව හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නිකොලායි ම්ලෙඩෙනොව් මහතා මැදිහත් වී තිබේ. ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කළහොත් පලස්තීනයට ඊට ප්‍රතිචාර දැක්විය හැකි බව ද සඳහන් වෙයි.