Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවා ඇති බවට හෙළිවේ

රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව බහලුම් 51ක් පිටරට යවා ඇති බව ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිවේ.

සමාගම් දෙකක් මෙම රන් කැබලි මිශ්‍ර පස් ව්‍යාපාරයේ නිරතව සිට ඇති අතර භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ වාර්තා හා ඒ පිළිබදව ගෙන ඇති සැකකටයුතු පියවර පිළිබඳවද විමර්ශන වලදී හෙළිවී ඇත. මෙලෙස රට පැටවීමට සුදානම් කර තිබූ රන් කැබලි මිශ්‍ර කන්ටේනර් 4 ක රුපියල් 5,598,600 ක් වටිනා රත්තරන් තිබූ බවද ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තක්සේරු කර තිබේ.