Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය ඉක්මන් වේ

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතයි. පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේදී අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති අතර නියම කරනු ලබන ගාස්තු ඇතුළත් පැකේජය තුළට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.