Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

මත්ජාවාරම් පිළිබඳ දැනුම් දීමට දුරකතන අංක තුනක්

දිවයිනෙන් මත් උවදුර තුරන් කිරීම වෙනුවෙන් නව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ‍පොලීසියට තොරතුරු ලබාදීම සඳහා නව දුරකතන අංක 3ක් හඳුන්වා දී ඇත.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණ. ශ්‍රී ලංකා ‍පොලිසිය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ උපදෙස් හා සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබැබැහි වූවන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබාදිය හැකි අතර ග්‍රාමසේවා වසම් 1177 ක ප්‍රජා ‍පොලිස් කමිටුවල අනුකමිටුවක් ලෙස ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු තවදුරටත් බලගැන්වීම් සිදු කෙරෙයි.