Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

තුර්කිය ඇමෙරිකාවේ ආනයනික භාණ්ඩ සදහා තීරු බදු පනවයි

එක්සත් ජනපදයෙන් සිදු කරන ආනයන මත තීරු බදු ඉහළ දැමීමට තුර්කිය තීරණය කරයි. තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්ඩෝගාන් විසින් මෙම නියෝගය පනවා ඇත.

ඒ අනුව මෝටර් රථ, මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ඇතුළු ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා මෙම තීරු බදු පැනවීම සිදුකර තිබේ. ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති නිල ගැසට් නිවේදනයට අනුව තුර්කිය විසින් මගී මෝටර් රථ වලට අතිරේකව සියයට 60 ක්, මත්පැන් සඳහා සියයට 70 ක් හා දුම්කොළ සඳහා සියයට 30 ක  තීරු බදු පැනවීමක් සිදුකර ඇත.

ක්‍රිස්තු ධර්මය පතුරුවන පූජකවරයකු තුර්කි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු නිදහස් කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය තුර්කියට පවසා තිබිණ. නමුත් තුර්කිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර තුර්කියට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේය. සම්බාධකවලට අමතරව තුර්කි ආනයන මත පනවන තීරුබදු ඉහළ නැංවීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය. දෙරට අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුර්කි ලීරා මුදල් ඒකකය වාර්තා ගත ලෙස අවප්‍රමාණය විය.