Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 14, 2018

උතුරු යේමනයට එල්ල වූ ප්‍රහාරයෙන් ළමයි 40 ක් මිය යයි

පසුගිය 09 වැනි දින උතුරු යේමනයේ සාඩා ප්‍රාන්තයේ ඩයාන් නම් වෙළඳපළ පෙදෙසේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යේමන් සන්ධානීය රජයේ හමුදා විසින් එල්ල කරන ලද මිලිටරි ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය ගණන 50 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් 40 ක් ම කුඩා දරුවන් වේ.
බරපතළ තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 79 කි. 2015 සිට යේමනයේ හූති කැරලිකරුවන් හා රජය අතර හට ගත් සටන් මඟින් මිය ගිය ළමුන් ගණන 2400 කි. යේමන් සන්ධාන රජය සඳහා සෞදි අරාබිය සිය මිලිටරි සහය ලබා දෙයි. කෙසේවෙතත් හූති කැරලි නායකයන් ප්‍රකාශ කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදු කරණ  මිලිටරි ප්‍රහාර වල වගකීම රජය භාර ගත යුතු බවයි.