Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 259 දක්වා ඉහළට

ඉන්දුනීසි‍යාව් බටහිර නුසා ටෙන්ගාරා පළාතේ 9 වැනි දින සිදුවූ ප්‍රබල භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.

කඩා වැටුණ ගොඩනැගිලි සුන්බුන් වලට යටවී තවත් මළසිරුරු තිබිය හැකි බව බලධාරීහු පවසති. භූ කම්පනය ‍හේතුවෙන් පුද්ගලයන් 1033ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් අවතැන් වූ සංඛ්‍යාව 270,168 ක් බව ජාතික ආපදා කළමණාකරන ඒජන්සිය පවසා තිබේ.