Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

ගෑස් රුපියල් 158කින් ඉහළ නගී

කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 25 වැනි දින සිට රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,696ක් වනු ඇති. පසුගිය අප්‍රේල් 27 වැනිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි වූ අතර කෙසේ වෙතත් පසුගිය ජුනි 29 වැනිදා එය රුපියල් 138කින් අඩු කෙරිණි.

ලෝක වෙළෙඳපළේ ගෑස්මිල අනුව මෙරට ගෑස් මිල වැඩි කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කළ ඉල්ලීම සලකා බලමින් ජීවන වියදම් කමිටුව පසුගිය 21 වැනි දින මෙම තීරණයට එළඹී තිබේ.