Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

කොචින් ගුවන් ගමන් අගෝස්තු මස 18 වැනි දින තෙක් අත්හිටුවේ

ඉන්දියාවේ  කොචින්  ගුවන් තොටුපළ ගංවතුර ආපදා තත්වය  හේතුවෙන්  වසා දැමේ.

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය මත එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඒ අනුව කොචින් වෙත සහ එහි සිට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දියාවේ වෙනත්  නගරයක් හරහා තම ගුවන් සංචාරය කිසිදු අමතර අයකිරීමක් නොමැතිව සිදුකිරීමට අවස්ථාවක් සලසා දී ඇති බව ගුවන් සමාගම දැනුම් දී ඇත.