Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

නෑදෑයින් බලන්න යන්න අවස්ථාවක්

2018 මැයි මස උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් දෙකෙන් තෝරා ගත් පුද්ගලයන් සිය දෙනෙකු

නැවත හමුවීමේ වැඩසටහනක් “ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය” මඟින් ඉදිරි දින කිහිපය තුළ සංවිධානය කෙරේ.


1950 -1953 අතර කාලයේ දී එකිනෙකාගෙන් වෙන් වූ දකුණු කොරියානුවන් 89ක් ද උතුරු කොරියානුවන් 83ක් ද මෙහිදී නැවත හමුවීමට නියමිතයි. මෙහි දකුණු කොරියානුවන් කණ්ඩායම තෝරාගෙන ඇත්තේ ලොතරැයි ක්‍රමයකින්  වන අතර  උතුරු කොරියානුවන් තෝරා ගත් පදනම තවමත් අනාවරණයවී නොමැත. ඥතීන් හමුවිය හැකි මුළු පැය ගණන 11කි.