Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ඇමරිකාවෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක

ඇමරිකාව රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බව එර‍ට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රුසියා හිටපු ඔත්තු සේවා නිලධාරියෙකුට හා ඔහුගේ දියණියට විෂ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාවට ‍චෝදනා කරමින් මෙම සම්බාධක පනවා ඇත. රුසියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි තමන්ගේම රටේ වැසියන්ට එරෙහිව යොදා ගෙන ඇති බවට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් චෝදනා එල්ල කර ඇත. දින 15 ක කොංග්‍රස් මණ්ඩල දැනුම් දීමේ කාලයෙන් පසු සම්බාධක ක්‍රියාත්මක තත්ත්වයට පත්වෙයි.