Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක

චීන ජනාධිපති ෂීජින් පින්ග් ලබන මාසයේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

උතුරු කොරියාවේ 70 වැනි සංවත්සරයට සහභාගී වන ලෙසට එරට නායක කිම් ජොන් අන් සිදුකරන ලද ආරාධනාවකට අනුව චීන ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන ජනාපතිවරයෙකු අවසන් වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වී ඇත්තේ 2005 වසරේදී යි.