Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට

ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම් වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් වේ.

ඉතිරි සියයට 12ක ප්‍රමාණය ද කඩිනමින් එම ජනතාවට ලබාදීම සදහා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මයිලිඞ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. රටේ සමස්ත ධීවර කර්මාන්තය සක්‍රීය මාවතකට යොමු කිරීමේ මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරේ.