Social Icons

facebookrss feedemailtwitter

Monday, August 13, 2018

සෞදි කැනඩා ගුවන් ගමන් නවතී

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඇණහිටීමත් සමඟ සෞදියේ සිට කැනඩා බලා යන සෘජු ගුවන් යානා නවතා දැමීමට ද සෞදි රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, දෙරට ගමන් බිමන්වල යෙදෙන සෞදි පමණක් නොව කැනඩා වැසියන් ද මහත් අසීරුතාවකට පත් වී සිටින බව වාර්තා වේ. සෞදිය සහ කැනඩාව අතර අර්බුදයක් නිර්මාණය වූයේ සෞදිය එරට මානව ක්‍රියාකාරිණියන් රැසක් අත්අඩංගුවට ගැනීම සහ සෞදියේ කැනඩා තානාපති කාර්යාලය එය විවේචනය කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. සෞදිය එරට සිටින කැනඩා තානාපති රටින් නෙරපා දැමීමටත්, කැනඩාවේ රඳවා සිටින සිය තානාපති යළි සෞදියට ගෙන්වා ගැනීමටත් කටයුතු කළේය.