Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

ආනයනික අර්තාපල් සදහා රු.40ක බද්දක්

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය තීරණය කරයි.

මේ නිසා දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. දේශීය ගොවියා ආරක්ෂා කිරීමට රජය මෙම පියවර ගෙන තිබේ. ඉදිරියේදී බඩ ඉරිඟු සහ ලූණු සඳහා ද මෙවැනි පියවරක් ගන්නා බව පැවසේ.

රජයේ අපේක්ෂාව දේශීය ගොවියා ශක්තිමක් කරමින් ඔවුන් තවදුරටත් වගාව සඳහා උනන්දු කරවීමයි. පසුගිය කාලයේ දේශීය අර්තාපල් වෙළෙදපළට පැමිණෙන අවස්ථාවේ පිට රටින් ආනයනය කිරීම නිසා, දේශීය අර්තාපල් ගොවීන්ට නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගැනීමට නොහැකි විය. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර මිලකට මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.