Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාකිස්තාන සංචාරයක

ආසියානු කලාපයේ සංචාරයක් අතරතුරේ තමන් පාකිස්තානයට පැමිණ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් කටයුතු කරන කාලය තුළ පාකිස්තානය සහ ඇමෙරිකාව අතර අර්බුද පැවැතිණ. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චෝදනා නගන්නේ, පාකිස්තානය ත්‍රස්තවාදවයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් බව පවසමිනි. මේ චෝදනා මුල්කොට කරගනිමින් පාකිස්තානයට ලබා දෙන මූල්‍ය ආධාර කප්පාදු කිරීමටත්, ලබා දෙන හමුදා පුහුණු කටයුතු නැවැත්වීමටත් ඇමෙරිකාව පියවර ගත්තේය.