Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල හා කළුතර දිස්ත්‍රික්කයන් සඳහා බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ නියෝගය පරිදි දිස්ත්‍රික් ලේකම්වරයාගේ හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ත්‍රිවිධ හමුදා සහාය ඇතිව අවශ්‍ය සහන සැලසීම මේ වන විට ආරම්භ කර තිබේ.