Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

රෝන් ග්ලැසියරය දියවීම වැළැක්වීමට සුදු පැහැති ආවරණයක්

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් රෝන් ග්ලැසියරය දියවීම වැළැක්වීම සඳහා ඊට සුදු පැහැති ආවරණයක් යෙදීමට පියවර ගෙන තිබේ.

එමඟින් ග්ලැසියරයට පතිත වන හිරු එළිය වෙනත් දිශාවකට යොමු කෙරෙන බව සඳහන් වේ. ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ පිහිටි රෝන් ග්ලැසියරය මින් වසර දහසකට පමණ පෙරදී යුරෝපයේ විශාලතම ග්ලැසියරය ලෙස හැදින්විය.

නමුත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් දියවී යාමට ලක්වූ එය මේ වන විට ස්විට්සර්ලන්තයේ පස්වන විශාලතම ග්ලැසිරය බවට පත්ව තිබේ. පසුගිය සියවස තුළදී රෝන් ග්ලැසියරයේ ප්‍රමාණය මීටර් 1400කින් අඩුවී ඇති බවයි වාර්තා වේ.