Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 15, 2018

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියක් ගාල්ලට

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 115ක ප්‍රතිපාදන වෙන්ව ඇත.

වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි. මේ යටතේ ඇල්පිටිය, බද්දෙගම, තවලම, නෙළුව, නාගොඩ, නියාගම, යක්කලමුල්ල, වැලිවිටිය දිවිතුර සහ ඉමදුව යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

මේ ව්‍යාපෘතිය යටතේ මාර්ග, පාලම් සහ බැතිබැමි ඉදිකිරීම සිදුවේ. පසුගිය ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියටපත් ස්ථාන ඉලක්කකර ගනිමින් මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකබව දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දේ. මෙමඟින් ඉදිරියේදි දේශගුණික දේශගුණික බලපෑම් අවම කිරීමට අපේක්ෂිතයි.