Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

වෙනිසුයුලාවේ ඇති වූ සිදුවීමට සැකපිට 6 ක් අත්අඩංගුවට

ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඝාතනය කිරීමට සැලැසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් සය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසියුලානු රජය පවසයි.


පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදා ගනිමින් තමා ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ දක්ෂිණාංශික දේශපාලන කැරැලිකරුවන් බවටත් ඔවුන්ට අසල්වැසි කොලොම්බියාවේ අනුග්‍රහය හිමිවන බවටත් මදුරෝ චෝදනා නගා ඇත. කෙසේ නමුත් කොලොම්බියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.