Social Icons

facebookrss feedemailtwitter

Monday, August 13, 2018

ඉදිරියේදී උතුරු කොරියාවට ආහාර හිග වේ යැයි ලොව විශාලතම ආපදා සහන ජාලය පවසයි

ලොව විශාලතම ආපදා සහන ජාලය ලෙස සැලකෙන රතුකුරුස සංවිධානය විසින් මෙම අවදානම පිළිබදව කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ දිනවල උතුරු කොරියාවේ පවතින උණුසුම් වායු ප්‍රවාහයන් නිසා සහල්, ඉරිඟු සහ අනෙකුත් බෝග වගාවලට හානි සිදුවනු ඇතැයි ද ඒ හේතුවෙන් දරුණු ව්‍යසනයක් ඇති වීමේ අවදානමක් ඇතැයි ද එම සංවිධානය පෙන්වා දේ.

1990 දී උතුරු කොරියාවට බලපෑ සාගතයෙන් මිලියන 3ක් ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර මෙවර ඊටත් වඩා අවදානමක් ඇතැයි ද සම්මේලනය සඳහන් කළේය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නිසා එරටට පනවා තිබෙන ජාත්‍යන්තර සම්බාධක නිසා තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය.