Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

බටහිර නේපාලයේ සිදු වූ නායයාමකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ

බටහිර නේපාලයට ඇද හැළුන ධාරාණිපාත වැසි හේතුවෙන් මෙම නායයෑම සිදු‍ව ඇති බව නේපාල ගලවා ගැනීමේ මෙහෙයුම් ඒකකය පවසා ඇත.

ජජාකොට් දිස්ත්‍රික්කයේ තටිබසාර් ප්‍රදේශයේ නිවාස 2ක සුන්බුන් වලට යටවී තිබූ මළ සිරුරු 8 ක් සොයා ගත් බව පැවසේ. මේ වනවිට නායයාමේ අවධානමට ලක්වූ එම ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. දරුවන් 7 සහ කාන්තාවක් මිය ගොස් තිබේ.