Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

රසායනික අවි සම්මුති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

රසායනික අවි  සම්මුතිය පිළිබඳ පනත සංශෝධය කිරීමට සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා  මේ බව පැවසීය. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රයක් ලෙස නිරීක්ෂණය කර ඇති බැවින් 2007 අංක 58 දරණ රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමමේ අවශතාව හඳුනා ගැනීමෙන් පසු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ යෝජනාවක් අනුව  අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට අනුමැතිය හිමිව ඇත.