Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

දුම්රිය මගීන්ගේ පහසුකම් ඉහළ නැංවීට පියවර

දුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරි මාස කිහිපයක් ඇතුළත ඇමරිකාව, චීනය හා ඉන්දියාවෙන් නවතම දුම්රිය මැදිරි, එන්ජින් සහ බලවේග කට්ටල ගෙන්වීමට පියවර.

මේ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. උඩරට මාර්ගය සඳහා අවශ්‍ය කරන එන්ජින් කිහිපයක් ඇමරිකාවෙන් ගෙන්වීමට අදාළව ටෙන්ඩර් කැඳවීමේ කටයුතු අවසන් කර ඇති බව පැවසේ. මේ අතර චීනයෙන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල ගෙන්වීමට ඇණවුම් කර තිබෙන අතර ඉන්දියාවෙන් දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.