Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

ආනයනික භාණ්ඩ මත නව තීරු බදු පැනවීමේ සූදානමක්

දෙරට අතර සිදු කෙරෙන භාණ්ඩ ආනයන මත නව තීරු බදු පැනවීමට ඇමෙරිකාව සහ චීනයත් මේ වනවිට සුදානමින් සිටී.

රටවල් දෙක අතර වෙළඳ යුද්ධයක් උද්ගතව ඇති පසුබිමක මෙය එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා ප්‍රහාරයක් ලෙස විශේලේෂකයින් පෙන්වා දේ. ඇමෙරිකාව සහ චීනය අතර සිදුකෙරෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් වටිනා ආනයන භාණ්ඩ මත නව තීරු බද්දක් පැනවීමට රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එහිදී චීනයෙන් ආනයනය කරන භාණ්ඩ 280කට අධික ප්‍රමාණයක් මත සියයට 25ක නව තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

රසායනික ද්‍රව්‍ය, කෘෂි උපකරණ සහ යතුරුපැදි වැනි භාණ්ඩ ඒ අතරට ඇතුළත්වේ. ඒ අනුව ගල් අඟුරු, වෛද්‍ය උපකරණ, මෝටර් රථ සහ බස් රථ ඇතුළුව ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ රැසක් මත චීනයත් සියයට 25ක නව තීරු බද්දක් පනවන බව සදහන්. දෙරට අතර සිදු කෙරෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක් වටිනා භාණ්ඩ මත දැනටමත් තීරු බද්දක් ක්‍රියාත්මක වේ.