Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

ජීවත් වීමට හිතකර නගරය ඔස්ට්‍රියාවේ වියානා

ලෝකයේ ජීවත්වීමට හිතකරම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නුවර නම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලොව ජීවත් වීමට හිතකර නගර තෝරා ගැනීම වාර්ෂිකව සිදුවන්නේ ජනමත විමසුමකිනි. එය සිදු කරන්නේ “ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස්” ආයතනයේ මැදිහත් වීමෙනි. ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම ජනමත විමසුමට එක්වේ. දේශපාලන කටයුතු සමාජීය කටයුතු අපරාධ අධ්‍යාපනය ආදී අංශ ගණනාවක් සැලකිල්ලට ගනිමින් ලොව ජීවත්වීමට සුදුසුම නගරය තෝරා ගැනීම සිදු කෙරේ. ඒ, නගර 140 ක් අතරිනි.

පසුගිය වසරේ ලොව ජීවත් වීමට හිතකර ස්ථානය බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නම් කෙරිණි. කොළඹ නගරය “ලොව ජීවත්වීමට සුදුසු නගර” ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6 කින් පහළට වැටී ඇත. ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයය.