Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

එක්වදෝරය සංක්‍රමණික නීති දැඩි කරයි

අසල්වැසි වෙනිසියුලාවෙන් පැමිණෙන විදේශ ගමන් බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක කිරීමට එක්වදෝරය පියවර ගෙන ඇත.

මේ හේතුව නිසා බොහෝ වෙනිසියුලානු සංක්‍රමණිකයන් අසරණව කොලොම්බියාවේ කොටුවී සිටින බව වාර්තා වේ. වෙනිසියුලාව, කොලොම්බියාව සහ එක්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් එක ළඟ පිහිටි රටවල් තුනකි. මෙතෙක් කල් වෙනිසියුලා වැසියන් කොලොම්බියාවට සහ එක්වදෝරයට පැමිණ ඇත්තේ ඔවුන්ගේ හැඳුනුම්පත යොදා ගනිමිනි.