Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

භූමිකම්පාවෙන් මියගිය ගණන 91 ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ලොම්බාක් දූපතේ සිදු වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, සියයකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

භූමි කම්පාව හටගත්තේ 5 වැනි දින උදෑසනය. එයි අපිකේන්ද්‍රය සටහන් වූයේ කිලෝ මීටර් 10 ක් පොළොව අභ්‍යන්තරයෙන් යැයි භූ විද්‍යාඥයෝ පසුව පැවැසීය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් ලෙස සටහන් විය. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 130 ක් වාර්තා වුණැයි ද භූ විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.