Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩිගේ හඩ පටයක් නිකුත්වේ

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකාර් අල් බැග්ඩෑඩි හඬ පටයක් නිකුත් කරමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

බටහිර රටවල ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නැයි තම සාමාජිකයන්ගෙන් බැග්ඩෑඩි ඉල්ලීමක් සිදු කර තිබේ. අයි.එස්.අයි.එස්. සංවිධානය ඉරාකයේත් සිරියාවේත් පිහිටුවාගත් ඉස්ලාමීය රාජ්‍යය කිසි දිනෙක බිඳ නොවැටෙන බව අල් බැග්ඩෑඩි එම හඬ පටය ඔස්සේ පවසා ඇත. අල් කයිඩා සංවිධානය සමග කලක් එක්ව ක්‍රියා කළ අයි.එස්.අයි.එස්. සංවිධානය ඉන් ඉවත්වී ලොව අංක එකේ ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ 2014 වසරේදීය.

එම අවස්ථාවේ ඔවුන් සිරියාවේත් ඉරාකයේත් පළාත් රැසක් අත්පත් කර ගනිමින් “ඉස්ලාමීය රාජ්‍යය” පිහිටුවාගෙන තිබුණි. කෙසේ නමුත් සිරියානු රජය ඉරානය, රුසියාව සහ තුර්කිය හවුල් කර ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදීන්ට පහර දෙයි. ඉරාකය කුර්දි සටන්කාමීන් සහ ඇමෙරිකාවේ සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තයන්ට පහර දෙයි. අද වනවිට අයි.එස්. සංවිධානය අඩපණ වී ඇති බව පැවැසෙයි. ඉරාක බුද්ධි අංශ පවසා ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් 3,000 ක පිරිසක් ඉරාක සිරියා දේශසීමාවේ පළාත් කිහිපයක බලය අල්ලා ගෙන සිටින බවය. මොවුන්ට එරෙහිව සිරියානු රජයේ හමුදා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇත.