Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

උතුරු දකුණු කොරියා සාකච්ඡා සදහා දෙපාර්ශවයම සූදානම්

උතුරු දකුණු කොරියා ඉහළ පෙළේ සාකච්ඡාව 13 වැනි දින පැවැත්වෙන බව දකුණු කොරියා එක්සත්කරණ අමත්‍යංය පවසයි. ඒ පන්මුන්ජොම් යුධ මුක්ත ගම්මානයේදී.

පන්මුන්ජොම් ප්‍රකාශනයට අනුව මෙම ඉහළ පෙළේ සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තාවේ. දෙරටේ නායකයන් විසින් අත්සන් තබන ලද එම ප්‍රකාශනයේ සමාලෝචනය සඳහා උතුරු කොරියාව ඉදිරිපත් කළ ඉල්ලීම දකුණු කොරියාව විසින් පිළිගෙන තිබෙ.
මීළඟ අන්තර් කොරියා රැස්වීම පැවැත්වීමට අදාළ සූදානම් කටයුතු ද එහිදී අවධානයට ලක්වනු ඇත. දකුණු කොරියා නියෝජිත පිරිසේ නායකත්වය එක්සත්කරණ අමාත්‍යවරයා විසින් දරනු ලැබේ. අදාළ කරණු කෙරෙහි උතුරු කොරියාව සමඟ ගැඹුරෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂ කරන බවද දකුණු කොරියාව සඳහන් කර ඇත.