Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

සිංගප්පූරු ගිවිසුමට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි.

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වේ. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින්ද මෙම ගිවිසුමට සම්බන්ධ වූ නිරීක්ෂණ ලිඛිතව ලබා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද සඳහන්ය.මෙම ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කරනු ලබන විද්වත් කමිටුවට සාමාජිකයින් නම් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරේ.