Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

කේරළ ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 350 දක්වා ඉහළට

සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්වයෙන් මියගිය සංඛ්‍යාව 350කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් වැඩිම පිරිස මියගොස් ඇත්තේ නායයෑම් හේතුවෙනි. ජල ගැල්ම් නිසා සිරවී සිටි 22,000 කට ආසන්න පිරිසක් එරට නාවික සහ ධීවර ප්‍රජාව විසින් මේ වනවිට මුදාගෙන ඇති බව වාර්තාවේ. ආපදාවට ලක්වූ හත්ලක්ෂ විසිපන්දහසක් ඉක්මවූ කේරළ ජනතාව 5645 කට අධික තාවකාලික කඳවුරුවල රඳවා සිටී. එම ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් පවතින බවද පැවසේ.