Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

කෘෂි අපනයන ගම්මාන 5000ක්

රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට කටයුතු කෙරේ. ඒ බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කර ඇත.

මේ වසර තුළදී ප්‍රදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් එම කෘෂි අපනයන ගම්මාන පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම කෘෂි අපනයන ගම්මාන සඳහා අවශ්‍ය පැළ, තාක්ෂණය ඇතුළු සෙසු පහසුකම් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසයි.