Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

ත්‍රෛයි භාෂා නව ජාතික පාසල් කොළඹට

ත්‍රෛයි භාෂා නව ජාතික පාසලක් කොළඹ ප්‍රදේශයේ ආරම්භ කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ. ඒ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 900ක්.

සියලුම ජන වර්ගවල දරුවන්ට ත්‍රෛයි භාෂා මධ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලබාදීම අරමුණයි. නුවරඑළිය නානු ඔය ප්‍රදේශයේ ද නව මිශ්‍ර ජාතික පාසලක් ස්ථාපනය කෙරේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 800ක්. 6 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ට එහිදී අධ්‍යාපනය ලැබිය හැකියි. මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතායි.