Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

තේ නැවත වගාවට ඩොලර් මිලියන 65ක්

ගුණාත්මක තේ අස්වනු ලබා ගැනීම සඳහා තේ නැවත වගා කිරීමේ වැඩසටහනකට ආණ්ඩුව ඩොලර් මිලියන 65ක් වෙන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැංවීමට ඩොලර් මිලියන 100කට වැඩි ආයෝජන ඉදිරිපත් වුවහොත් තේ සඳහා වෙනම “තේ කලාපයක්” පිහිටුවීමට ද කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

ලොව මේ වන විටත් ප්‍රධාන පෙළේ නමක් දිනා ඇති ශ්‍රී ලංකා තේ නාමය තවදුරටත් ආරක්ෂාකර ගැනීම සඳහා නැවත වගා අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා වගාකරුවන් යොමු කිරීමට ආණ්ඩුව සක්‍රීය වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මේ අනුව වසරකට තේ නැවත වගාව සියයට දෙකක පමණ ප්‍රමාණයක් සිදු කළ යුතු බවට හඳුනාගෙන ඇති නමුත් මේ වන විට සිදු කෙරෙනුයේ සියයට එකක ප්‍රමාණයක් පමණක් බැවින් එය ක්‍රමවත් කිරීම අත්‍යවශ්‍ය බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පෙන්වාදේ.