Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කොමිසමක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන එම විශේෂ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එස්.රනුග්ගේ මහතා පත් කර ඇති අතර එස්.ජී.සුමනසිංහ මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ. එම කොමිෂන් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 15 දෙනෙකි.