Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය කිරීමට ජපානයේ සහය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු වේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවැති හමුවේදී මේ පිළිබදව සාකච්ඡා කෙරිණ.

දිවයිනේ වෙරළ ආරක්ෂක කටයුතු සඳහා බිලියන 1.8 ක් වටිනා වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ලබාදීමට ද ජපාන රජය පියවර ගැනිණ. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු විය. ඒ යටතේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති.