Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ඇමරිකාවට එරෙහිව රුසියාවෙන් අතිරේක තීරු බදු

ඇමරිකාවෙන් ආනයනය සිදු කරන භාණ්ඩ සදහා රුසියාව අතිරේක තීරු බදු පනවයි. සියයට 25ත් 40ත් අතර ප්‍රමාණයකින් බදු වැඩි කිරීම සිදු කර ඇත.
රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි ‍මෙඩ්වෙඩෙව් විසින් ඊට අදාළ රජයේ නියෝගයට අත්සන් කර තිබේ. පසුගිය ජූලි මස 6 වැනි දින එය නිල වශයෙන් ප්‍රකාශ කළ අතර එතැන් සිට මාසයක කාලයක් එය ක්‍රියාත්මක නොකෙරිණ.

නව බදු පැනවීමට අනුව වානේ මත සියයට 25 ක් සහ ඇළුමිනියම්, මාර්ග ඉදිකිරීම සඳහා භාවිත කරන උපකරණ, තෙල් සහ ගෑස් කර්මාන්ත, වානේ පිරිසැකසුම් උපකරණ හා ෆයිබර් ඔප්ටික් රැහැන් වෙනුවෙන් සියය‍ට 10 ක අතිරේක බද්දක් පනවා ඇත. නව බදු වටිනාකම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 87.6 කි.