Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

බස් ගාස්තුව 12.5% තෙක් ඉහළට

බස් ගාස්තුව සියයට 12.5 ක ප්‍රතිශතයකින් සහ රුපියල් 10 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 12 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.

16 වැනි දින ලබාදුන් අනුමැතිය මත බස් වර්ජනය අතහැර දැමීමට බස් සංගම් ප්‍රධානීහු තීරණය කළහ. මේ අනුව කැබිනට් මණ්ඩලය අවසර දී තිබු සියයට 6.56 ක බස් ගාස්තුව සියයට 12.5 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට අමාත්‍යවරුන් අවසර දී ඇත.

රුපියල් 10 ක්ව පැවැති අවම බස් ගාස්තුව අමාත්‍ය මණ්ඩලය මීට පෙර වැඩිකිරීම සඳහා අවසර නොදුන් අතර 16 වැනි දින පැවැති සාකච්ඡාවේදී එම ගාස්තුව රුපියල් 12 ක් දක්වා වැඩි කිරීමට එකඟතාව ලබාදී ඇති බව පැවසේ. මේ අනුව මෙම නව ගාස්තු වැඩිවීම ඊළඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කිරීමෙන් පසුව එදින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.