Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

ගාසා තීරයේ නැවතත් උද්ඝෝෂණ

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේදී පනස්පස් දෙනෙක් මරා දැමීමෙන් පසු පලස්තීන දේශ සීමාවේදී ඊශ්‍රායලයට එරෙහි උද්ඝෝෂණ වැඩිවී තිබේ.

මියගිය අයගේ සිරුරු භූමදානය කළ පසුගිය සඳුදා දිනයේ ගාසා තීරයේ නොසන්සුන් බව බෙහෙවින් වැඩිවී තිබිණි. 1948 වසරේ ඊශ්‍රායලය බිහිවීමෙන් පසු දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් පලා යාම සනිටුහන් කළ නක්බා සැමරුමේ හැත්තෑ වෙනි වසර ද සැමරිණ.


ඇමරිකාව විසින් ජෙරුසලමේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමත් සමග දැඩි ආන්දෝලනයක් ගාසා තීරයේ ඇතිවිය. අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසලම සැලකෙන බැවින් ටෙල් අවිව් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවීම පලස්තීනුවන්ගේ දැඩි කෝපයට හේතුවී තිබේ.