Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය හෙට (19)

බ්‍රිතාන්‍යයට හෙට (19) විශේෂ දවසකි. එයට හේතුව නම් එරට රජ පවු‍ලේ තවත් ජනප්‍රිය සාමාජිකයෙකුගේ විවාහ උත්සවය යෙදී තිබිමයි.

හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය හෙට (19) පැවැත්වීමට නියමිතව ඇති අතර එය පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍යයේ බර්ක්ෂයර් නැමැති ප්‍රදේශයේ පිහිටා ඇති සුප්‍රකට වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයෙහි ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී ය. බර්ක්ෂයර් යනු ලන්ඩනයේ සිට කි.මී. 80ක් පමණ දුරින්, එංගලන්තයේ ගිනිකොණ දෙසින් පිහිටි ප්‍රදේශයකි.

කෙසේ වෙතත් මේ වනවිට මෙම විවාහ උත්සවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තුළ මෙන්ම වෙනත් බොහෝ රටවල ද විශාල උනන්දුවක් පවතින අතර මිලියන ගණනක ප්‍රේක්ෂක පිරිසක් එය රූපවාහිනිය හරහා සජීවිව නරඹනු ඇති බවද අමුතුවෙන් කිව යුතු නැත.