Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

පළමු රොබෝ ආධාරිත සැත්කම සිදු කරති

යු.එස්.එන්.එස් මර්සි නෞකාව තුළ ශ්‍රී ලාංකික හා එක්සත් ජනපද වෛද්‍යවරු ඒකාබද්ධව පළමු රොබෝ අධාරිත ශල්‍යකර්මය සිදුකරති.


ශ්‍රී ලාංකික හා එක්සත් ජනපද වෛද්‍යවරු පළමුවැනි වරට රොබෝ අධාරිත ශලයකර්මයක් සිදුකර තිබෙන අතර බහු ජාතික ශෛල්‍ය වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඩාවින්සි XI රොබෝ ශල්‍ය පද්ධතිය (Da Vinci XI Robot Surgical System) යොදා ගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුකේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සාර්ථක ලෙස සිදුකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ පවත්වන විශාලම වාර්ෂික බහු - පාර්ශවික ආපදා ප්‍රතිචාර දූත මෙහෙය පැසිෆික් සහයෝගිතා වැඩසටහන වන අතර මෙම වර්ෂයේ දූත මණ්ඩලයට ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, පේරු සහ ජපානයේ හමුදා හා සිවිල් පුද්ගලයෝ ඇතුළත් වෙති.
2018 පැසිෆික් සහයෝගිතාව, එක්සත් ජනපද හා අනිකුත් රටවල හමුදා හා සිවිල් පුද්ගලයන් 800 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අතර ඔවුන් සත්කාරක රටේ වෘත්තිකයන් සමඟ උරෙනුරගැටී කටයුතු කරන්නේ මානුෂීය ආධාර ලබාදීම හා ආපදා ප්‍රතිචාර තත්ත්වයන්ට වඩාත් හොඳින් සූදානම් වීම සඳහාය.