Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

‍8 වන පාර්ලි‍මේන්තුවේ දෙවන සභා වාරය අද - ශ්‍රීලනිප යේ 16 දෙනා අද විපක්ෂයේ අසුන් ගනියි

08 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද (08) ඇරඹින. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අට වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අවසන් කළ අතර ඒ අනුව දෙවන සභා වාරය අද දිනයේ සිට ආරම්භ කෙරෙනු ඇති.

දෙවන සභා වාරය සදහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට පෙර සම්මාන වෙඩි මුර 21ක් පවත්වා උත්තමාචාර සිදුකිරීමට ද නියමිතයි.


පාර්ලිමේන්තුවේ මංගල රැස්විම ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලසුන දැරීය. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීම සිදුකරනු ලැබීය. එහිදි ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. මේ අතර පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අද දිනයේ විපක්ෂයේ අසුන් ගැනීමද සිදු විය.