Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීමේ කම්හල වසා දැමීමට සූදානම්

එම කම්හල එරට උතුරු ප්‍රදේශයේ පිහිටා තිබේ.එය වසා දැමීමේ උත්සවය මේ මාසයේ 23වැනි දා සිට 25වැනි දා දක්වා යන කාලය තුළ කාලගුණ තත්වයට අනුව සුදුසු දිනයක පැවැත්වෙනු ඇති බව KCNA ප්‍රවෘත්ති ඒජන්සිය උතුරු කොරියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශනයක් උපුටා ගනිමින් වාර්තා කළේය.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමකට එම උත්සවය සජීවි ලෙස වාර්තා කිරීමට අනුමැතිය ලබා දෙන බව එම ප්‍රකාශනයෙහි සඳහන් වෙයි. ඒ වන විට එහි නිරීක්ෂක සාම්පල,පර්යේෂණාගාර හා ආරක්ෂක හමුදා ගොඩනැගිලි සියල්ල ම කඩා දමනු ඇති අතර ආරක්ෂක හමුදා භටයන් හා පර්යේෂකයන් සියළු දෙනා ම ඉවත් වනු ඇත. එමෙන් ම එම කම්හලට අසල්වැසි ප්‍රදේශ ද වසා දමනු ඇති බව ද එම ප්‍රකාශනයේ සඳහන් වෙයි.