Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

චීනය හා ඇමරිකාව සාකච්ඡා පැවැත්වීමට සූදානම්

ද්වීපාර්ශවික ආර්ථික හා වෙළෙඳ අර්බුදය පිළිබඳව චීනය හා ඇමරිකාව සාකච්ඡා පැවැත්වීමට සූදානම් වේ. මේ මස 15 වැනි දින සිට 19 වැනි දින දක්වා එම ද්වීපාර්ශවික සාකච්ඡා ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලු කං මහතා බෙයිජිංහී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

මේ සඳහා චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ විශේෂ දූතයා වශයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලියු හ මහතා එක්වනු ඇති. චීන - ඇමරිකානු ආර්ථික සංවාදයේ චීන පාර්ශවයේ වගකිව යුතු ඉහළම පෙළේ නිලධාරියා වන ලියු හ මහතා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Steven Terner Mnuchin මහතා ප්‍රමුඛ ඇමරිකානු ආර්ථික කණ්ඩායම සමග ද්වීපාර්ශවික ආර්ථික හා වෙළෙඳ අර්බුදය පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇතැයි, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසීය.