Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය ලෙස මැලේසියාවේ ක්වාලා ලම්පුර් සහ සිංගප්පුරුව අතර ගුවන් මාර්ගය පත්ව ඇත. මෙම වසරේ පළමු මාස දෙක තුළ දී පමණක් එම ගුවන් මාර්ගය ඔස්සේ ගුවන් ගමන් වාර 30,537ක් සිදුව ඇති බව වාර්තා වේ.

දිනකට එම මාර්ගයේ  පියාසර කරන ගුවන් යානා ගණන 84ක්. මැලේසියාවේ ක්වාලාලම්පුර් සහ සිංගප්පුරුව අතර ගුවන් දුර කිලෝමීටර 309ක්. ගමනට ගත වන්නේ පැයක පමණ කාලයකි. මේ අතර ක්වාලාලම්පුර් සහ සිංගප්පුරුව අතර අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමුව ඇති බව පැවසේ.