Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

කාලගුණය අයහපත් වීමෙන් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑ දූවිලි කුණාටු සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියගොස් තිබේ. එමෙන්ම විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවක් ද ඇදහැළමින් පවතින බව පැවසේ. ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ උත්තර් හා ආන්ද්රා ප්‍රදේශ් වලට මෙන්ම බටහිර බෙංගාලය හා දිල්ලියට බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ තත්වය උදාවී ඇත්තේ, මැයි මාසයේ ආරම්භයේ සිටය. පසුගිය 2 වැනි දින ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ඇතිවූ අයහපත් කාලගුණ තත්වයන් හමුවේ පුද්ගලයින් 134 දෙනෙක් මිය ගොස් ඇති අතර 400 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.